යාපනය කයිට්ස් උර්කාවත්තුරෙයි මුහුදු තීරයට මිය ගිය විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති බවට ධීවරයින් පවසයි.
මිය ගිය තල්මසා අඩි 32 ක පමණ දිගින් යුක්ත වන අතර මීට දින 5 කට පමණ පෙර මිය ගොස් ඇති බව පරික්ෂා කළ යාපනය වනජීවි නිලධාරීන් සහ වෙරලාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසීය.
තල්මසා මිය යාමට හේතුව මෙතෙක් නිශ්චිතවම ප්‍රකාශ කිරීමට නොහැකි බවත් තල්මසාගේ සිරුරේ ලබාගත් කොටස් පරික්ෂණයන් වෙතට යොමුකිරීමට පියවර ගෙන ගන්නා වනජීවි නිලධාරීන් වැඩිදුරටත් පැවසූහ.
තල්මසා මිය යාමට හේතුව ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට එක්වූ විස රසායනික ද්‍රව්‍ය විය හැකි බව ධීවරයින් සඳහන් කරයි.
මේ අතර මන්නාරම සිලාවතුර මුහුදු වෙරළටද මිය ගිය කැස්බෑවෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අතර එයද එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑමක් බවද සිලාවතුර ධීවරයින් පෙන්වා දෙයි.






