මුන්දලම සින්නපාඩුවේ මාදැලකට කොටු වු මිනිමුතු මෝරේකු ධීවරයින් විසින් 5 දින නැවත මුහුදට යැවිමට කටයුතු කර තිබු බව කියයි.
සින්නපාඩුවේ මාදැල් අදිමින් සිටියදී අඩි 30 කට ආසන්න මිනිමුතු මෝරා කොටුවි ඇති බවත් දැල වෙරළට ආසන්නයට ලගා වෙද්දි එහි සිටි දැවැන්ත මිනි මුතු මෝරා ධීවරයින් දැක ඇති බව කියයි.
පසුව දැඩි පරිශ්‍රමයක් දරා පැය දෙකකට ආසන්න කාලයක් වෙහෙසි මෙම මිනිමුතු මෝරාව මුහුදට කඹ ආධාරයෙන් ඇද දැමිමට කටයුතු කල බව ධීවරයින් පවසයි.
කෙසේ නමුත් මීට ගෙවි ගිය සතියෙ ද නාවක්කාඩු මාදැලකට මේ අයුරින්ම මිනිමුතු මෝරේකු අසුවි තිබු අතර එම මත්ස්‍යා නාවික හමුදා වෝටර් ජේට් යාත්‍රාවකින් මහ මුහුදට ඇදගෙන ගොස් දමා තිබු බව කියයි.
මාදැල් ධීවරයින් පවසන්නේ මෙම හේතුව මත තමන් දැඩි අසිරුතාවයකට පත්වි ඇති බවය.
මේ පිළිබදව පුත්තලම දිස්ත්‍රික් වනජීවි අධ්යක්ෂ එරන්ද ගමගේ මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියේ මෙවැන්නකී.
“මේ මිනිමුතු මෝරා ඇතුළු මත්ස්‍ය විශේෂ රැසක් ඩෝල්ෆීන් විශාල මෝරුන් මේ දිනවල වයඹ මුහුදු තිරයෙ වාරකන් සමය එළඹිමත් සමග පැමිනිම සිදුවෙනවා.
එය සාමාන්‍ය ක්‍රියාවලියක් ඇත්තටම මේ මත්ස්‍ය විශේෂ මුහුදේ රළ අඩු ඒ කියන්නේ වාරකන් සමය පවතින මුහුදු කලාප වලට සංක්‍රමණය වීම සිදුවන්නේ ඒ අනුවයි මේ වනවිට මෙම මිනිමුතු මෝරා ඇතුළු මත්ස්‍යයින් වයඹ ම්රහුදු කලාපයට පැමිනිම සිදුව තිබේන්නේත් ඒ අනුවයි.
මේ වාරකන් සමග මේ වසරේ අප්‍රේල් මාසයෙ අවසන් විමත් සමග වයඹ මුහුදු කලාපයෙන් නැගෙනහිර හෝ වෙනත් කලාප වලට යාම සිදුවනවා" යැයි පවසන්නට විය.
VIDEO