කොළඹ වරායේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා යකඩ ටොන් 28 ක් ප්‍රවහනය කරමින් තිබු කන්ටේනර් රථයක් ප්‍රධාන මාර්ගයක් හරහා පෙරළීමෙන් ගිනිගත්හේන ලක්ෂපාන ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (09දා) අලුයම සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබේ.
ගිනිගත්හේන කළුගල හරහා ලක්ෂපාන ප්‍රධාන මාර්ගයේ කළුගල ප්‍රදේශයේදි අද අලුයම 2.30 ට පමණ මෙම කන්ටේනර් රථය වංගුවක් ගැනිමේදි මාර්ගය හරහා පෙරළී තිබේ.
ගිනිගත්හේන පොල්පිටිය ඉදි කරමින් පවතින බෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතියට යකඩ ගෙනයමින් තිබු කන්ටේනර් රථයක් මෙසේ මාර්ගය හරහා පෙරළී තිබේ.
අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර, අනතුර හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙනම් ඇණ හිට ඇත. විකල්ප මාර්ග ඔස්සේ වාහන ධාවනය කරවිමට ගිනිගත්හේන පොලිසිය කටයුතු කරයි.





