මාතර සිට කතරගම දක්වා ඉදිවන දුම්රිය මාර්ගයේ පළමු අදියර වන මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය නිරීක්ෂණ චාරිකාව අද (06දා) සිදුවිය.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නිරික්ෂණ ධාවනය සිදුවිය.
එම නිරීක්ෂණ ධාවනයට අදාළ දුම්රිය නැවතත් බෙලි අත්ත සිට මාතර බලා පැමිණීමට සූදානම් වන විට මහින්ද රාජපක්ෂ මහතාගේ යැයි කියා ගන්නා ආධාරකරුවන් පිරිසක් විරෝධතාවක නිරත වන්නට විය.
කෙසේ වෙතත් එම විරෝධය නොතකමින් නිරීක්ෂණ ධාවනය සිදුවිය.


