යාපනය වඩමාරච්චි කට්ටෙයිකාට්ටිල් මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටි ධීවරයින් පිරිසකගේ මා දැලකට හසුව සිටි ඩොල්ෆින් මසුන් 11 දෙනෙකු බෙරා නැවත් මුහුදුට නදහස්කර යැවීමට වඩමාරච්චි ධීවරයින් පිරිසක් ඊයේ (06) සවස පියවර ගෙන තිබුණි.
ධීවරයින් විසින් ඒලන ලද මා දැලකට මෙම ඩොල්ෆින් මසුන් 11 දෙනෙකු හසුව ගොඩට ගසාගෙනවිත් අසිරුව සිටින අවස්ථාවේදී ප්රදේශයේ ධීවරයින් සියලු දෙනා එක්ව අදාල ඩොල්ෆින් මසුන් නැවත මුහුද දෙසට රැගෙන යාමට පියවර ගෙන තිබුණි.
එහිදී දැඩි පරිශමයක් යොදා ඩොල්ෆින් මසුන් 11 දෙනාම කිසිදු හානියක් නොකොට නැවත මුහුදටම මුදාහැරීමට ප්රදේශයේ ධීවරයින් පියවර ගැනීඹ කාගෙත් ප්රශංශාවට ලක්විය.
මේ දිනවල වඩමාරච්චි මුහුදු සීමාවේ ඩොල්ෆින් මසුන් බහුලව ගැවසෙන හෙයින් ධීවර කටයුතු සිදුකිරීමේදී අදාල මසුන් ප්රවේශම් කරන ලෙසටද නාවික හමුදාව විසින්ද ධීවර ප්රජාව වෙතට දැනුම් දී ඇත.



