මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් ඊයේ (18 ) රාත්‍රී දකුණු දිශාභිමුඛව ගමන් කෙරිණි.
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරන ලද්දේ ඉන්දි රාජා හස්තියා මතිනි. දෑළේ ඇතුන් ලෙස මියන් රාජා හා බුරුම රාජා ගමන් කරනු ලැබීය
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මෙම වසරේ ඇසළ මහා මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු මස 25දා රාත්‍රි වීදි සංචාරය කර 26දාපැවැත්වෙන දහවල් පෙරහැර විදි සංචාරය කිරිමෙන් මෙවර ඇසළ මංගල්‍යයේ අවසානය සනිටුහන් වෙයි.
පසුගිය (16දා) ඇරඹුණු කුඹල් පෙරහර සිවුවන කුඹල් පෙරහැර අද 19 දින ගමන් ආරම්භ කරන අතර අවසන් කුඹල් පෙරහැර හෙට (20දා) වීදි සංචාරය කිරීමට නියමිතය.
චමිල් රූපසිංහ







