ශ්රී පාද රක්ෂිතයේ සැරි සැරූ කඳුකර දිවියෙකු මන්දකට හසු වී මන්ද කඩාගෙන කොටියා විශාල ගස් මතට නැගීමෙන් පසු මන්දේ කොටසක් ගසේ රැඳීම නිසා දිවියා ගසේ එල්ලි සිටින බව නල්ලතන්නිය වන ජිවි කාර්යයාලවේ වන සත්ව අඩවි ආරක්ෂක ප්රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
මස්කෙලිය පොලිස් වසමට අයත් ගාඩ්මොර් තේ වත්තේ තම්බතැන්න වත්තේ එලවළු කොටුවක දඩයම්කරුවන් පිරිසක් විසින් අටවා තිබු මන්දකට හසු වු කදුකර දිවියා මන්ද කඩාගෙන දිවගොස් ගසකට නැග ඇති අතර , ගසේ අතු මත මන්දේ කොටසක් රැදිම නිසා දිවියා ගසේ එල්ලි සිටියි.
දිවියා නිර්වින්දනය කර බේරා ගැනිමට කටයුතු කරන බව ප්රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.


