කිලිනොච්චිය පූනරීන් වේරවිල් ප්‍රදේශයේ රක්ෂිත කැලෑවක අටවන ලද මන්දකට හසුව සිටි දිවියෙකු බේරා ඊයේ (26) දින රක්ෂිතයට මුදාහල බවට කිලිනොච්චිය වනජීවි නිලධාරී කාර්යාලය පැවසීය.
වේවිල් ප්‍රදේශයේ රක්ෂිත කැලෑවක දඩයක්කරුවෙකු විසින් අටවන ලද මන්දකට පසුගිය 23 වනදා මෙම දිවියා හසුව එය කඩාගෙනවිත් අසල පිහිටි ගෙවත්තක කම්බිවැටක පැටලී සිටිනු අසල්වැසියන් දැක ඒ බව පොලීසියට දැනුම් දී ඇත.
පසුව කිලිනොච්චිය පොලීසිය විසින් වනජීවි නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව වනජීවි නිලධාරීන් අදාල ස්ථානයට ගොස් දිවියා සිහිමූර්ජා කොට මන්දෙන් ගලවා බේරාගෙන කිලිනොච්චිය වනජීවි කාර්යාලයට රැගෙන යන ලදි.
අවුරුදු දෙකක් පමණ වයසැති මෙම දිවියා මන්දට හසුවීමෙන් තුවාල ලබා සිටීම හේතුවෙන් උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතාගේ අධීක්ෂණයෙන් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව ඊයේ (26) දින කිලිනොච්චියේ රක්ෂිතයකට මුදාහැරීමට වනජීවි නිලධාරීන් පියවර ගනු ලැබීය.
දිවියා හසුව තිබූ මන්ද අටවන ලද පුද්ගලයා කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඒ පිළිබඳව පරික්ෂණයක් සිදුකරන බවටද කිලිනොච්චිය වනජීවි නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය.




