වව්නියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරක මඩේ එරීම හේතුවෙන් දැඩි සෙයින් දුර්වලව සිටි ඇතින්න සතියකට පසුව අද (04) දින මිය ගොස් ඇතැයි වව්නියාව වනජීවි නිලධාරී කර්යාලය පැවසීය.
මිය ගිය ඇතින්නගේ අවසන් කටයුතු උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතා ඇතුලු වනජීවි නිලධාරීන් සහ ප්‍රදේශභාර ග්‍රාමසේවක වරයාගේද සහභාගීත්වයෙන් සිදුකිරීමට පියවර ගෙන තිබුණි.
මඩේ එරුනු ඇතින්නගේ ජීවිතය බේරාගැනීම සඳහා පශුවෛද්‍ය වරයා ඇතුලු වනජීවි නිලධාරීන් විසින් සතියක කාලයක් පුරා ප්‍රතිකාර මේනම සේලයින්ද ලබාදෙමින් දැඩි උත්සහයක් දැරුවද ඇතින්නගේ ජීවිතය බේරාගැනීමට නොහැකි විය.
අවුරුදු 50 කට වඩා වයසින් යුතු මෙම ඇතින්න දෙවරක් පමණ ගැබ්බර වී ඇති බවටත් වයසින් වැඩි ඉතා දුර්වල තත්වයේ සිටියදී අධික වර්ෂාව හමුවේ කුඹුර මතින් යාමේදී මඩේ එරීම නිසා ඇතින්න තවත් දැඩි සෙයින් දුර්වල වීම හේතුවෙන් ඇවිදීමට වාරු නොමැතිව ආහාර ගැනීමට පවා නොහැකිව සිටි බවට උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය කාර්යාලය පැවසීය.
මීට පෙර ඇතින්න බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ඔසවා තැබුවද දැඩි සෙයින් දුර්වලව සිටීම හේතුවෙන් ඇතින්න එම ස්ථානයේම තැබීමට සිදුවූ අතර සතියකට පමණ පසුව මෙලෙස මිය ගිය බවටද වව්නියාව වනජීවි කාර්යාලය වැඩිදුරටත් පැවසීය.






