කරුවලගස්වැව එගොඩපිටිය පෙරියවිල්ලුව වැවේ මඩේ එරි ගොඩ ඒමට නොහැකි වු තනියා නැමති සද්ධන්ත වල් අලියකු අවාසනාවන්ත ලෙස මරණයට පත්වි ඇති බව කරුවලගස්වැව වනජීවි නිළධාරින් පවසයි.
මෙම අලියා 2දින අලුයම් කාලයෙ පෙරියවිල්ලුව වැවේ ජලය සිදි ගිය ප්රදේශයෙ ජපන් ජබර තිබු ස්ථානයෙන් ගමන කරමින් සිටියදී එක් පාදයක් මඩේ එරි එය අපහසුවෙන් ගොඩ ගෙන නැවත ගමන් කිරීමට යාමේදි ඉදිරිපස පාදය සම්පුර්ණයෙන්ම බැස යාමේන් පසු ඇතිවු රෝගී තත්වයකින් මරණයට පත්වි ඇති බව වනජීවි නිළධාරින් පවසති.
අවුරුදු 35 කට ආසන්න වයසකින් යුත් උසින් අඩි 8 කට වැඩි මෙම සද්ධන්තයා තනිව සැරිසැරිම හේතුවෙන් මිනිසුන් තනියා යන අන්වර්ථ නාමයෙන් හැදින්විමට කටයුතු කර ඇති බව කියයි.
කෙසේ නමුත් මෙම සද්ධන්තයා මඩේ එරී යාමත් සමග තනිව ගොඩ ඒමට දැඩි වෙහෙසක් ගෙන ඇති බව කරුවලගස්වැව අඩවි වනජීවි නිළධාරි ඩි.රාමසිංහ මහතා පවසා සිටියේය.
VIDEO