මහනුවර සිට බදුල්ල දක්වා භාණ්ඩ ප්රවාහනය කරන දුම්රියක් පිලි පැනිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු 1126 භාණ්ඩ ප්රවාහන දුම්රියේ භාණ්ඩ ප්රවාහන වැගනයක් රොසැල්ල දුම්රිය ස්ථානය අසලදි පිලි පැන ඇති බවයි රොසැල්ල දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ.
පීලි පැනිමට ලක් වු දුම්රිය මැදිරිය පිලිගත කරන තෙක් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය කරන පොඩි මැණිකේ සහ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන උඩරට මැණිකේ දුම්රිය දුම්රිය පිලිපැන ඇති ස්ථානය දක්වා ධාවනය කර දුම්රියන් දෙකෙන් ගමන් ගන්නා මගින් දුම්රියන් දෙකට මාරු කර යැවිමට පියවර ගන්නා බව රොසැල්ල දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසිය.





