පසුගියදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ කටයුතු සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (23) උදෑසන එම දේවස්ථානය වෙත ගියේය.
මීසම් සේවක පියතුමන් වන ශ්‍රිලාල් ෆොන්සේකා පියතුමා හමු වූ ජනාධිපතිතුමා ප්‍රදේශයේ සමස්ත කිතුනු බැතිමතුන් වෙනුවෙන් තම බලවත් කනගාටුව සහ සංවේගය උන්වහන්සේ වෙත පිරිනැමීය.
එමෙන්ම දේවස්ථානයේ නැවත ඉදිකිරීම් කටයුතු ද සොයා බැලූ ජනාධිපතිතුමා එම ඉදිකිරීම් හැකි ඉක්මනින් නිම කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවට තමන් උපදෙස් ලබා දී ඇති බව සඳහන් කළේය.
එමෙන්ම ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේ මෙවැනි ම්ලේච්ඡ කි‍්‍රයා යළි රට තුළ සිදුවීමට ඉඩ නොතබා ඒ වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම රජය මේ වනවිට ගෙන තිබෙන බවයි.
මෙම ඛේදජනක සිදුවීමෙන් අනතුරට පත්වූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ ජනාධිපතිතුමා විපතට පත් සියලූ ජනතාව වෙනුවෙන් උපරිම සහන සැලසීමට රජය පියවර ගෙන තිබෙන බව ද පැවසීය.
මේ අතර පාස්කු ඉරුදින, දේවස්ථානයේ දේව මෙහෙයට එක්ව සිටිය දී එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමට ද ජනාධිපතිතුමා එක් විය.
ප්‍රදේශයේ නිවාස කිහිපයක් වෙත ගිය ජනාධිපතිතුමා දේහයන්ට අවසන් ගෞරව දැක්වූ අතර එම පවුල්වල ඥාතීන් වෙතත්, ප්‍රදේශවාසින් වෙතත් සමස්ත කිතුනු බැතිමතුන් වෙතත් සිය සාතිශය සංවේගය පළ කළේය.



