බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට එක්ව සිටි සියලු රාජ්‍ය නායකයින් අතර සුහද හමුවක් අද (31දා) උදෑසන කත්මණ්ඩු නුවර Crown plaza හෝටලයේදී පැවැත්විණි.
එහිදී නේපාල අග්‍රාමාත්‍යවරයා සහ එම මහත්මිය විසින් සියලු රාජ්‍ය නායකයින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මියන්මාර් ජනාධිපති වින් මයින්ට්, බංග්ලාදේශ අගමැතිණි ෂෙයික් හසීනා, තායිලන්ත අගමැති ප්‍රයුත් චන් ඔ චා, යන මහත් මහත්මින් එක්ව සිටියහ.




