පොල්ගහවෙල ඉහළගම උදාගම්මානයේ තරුණ සංවිධානයක පිරිසක් විසින් පොල්ගහවෙල බැලුම්ගල කන්ද පර්වත බෑවුමේ ඊයේ (16දා) නවම් පොහෝදින බෞද්ධ කොඩියක් සිතුවම් කිරිම සිදු කෙරිණි.
එම තරුණයන් විසින් පර්වතයේ ඉහල සිට පහලට කඹ ආධාර කරගනිමින් මහත් පරිශ්‍රමයකින් මෙම අඩි 35 ක් දිග අඩි 20 ක පළලින් යුතු සිතුවම් කළ බෞද්ධ කොඩිය පොල්ගහවෙල නගරයට හා අවට ප්‍රදේශයට ඉතාමත් දර්ශනීය වන ලෙස සිතුවම් කර තිබිණි .පොල්ගහවෙල බැලුම්ගල කන්ද පුරාණ රජමහා විහාරස්ථානයේ පූජ්‍යපාද පදවිගම්පොල ගුණරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය හා උපදෙස් මත මෙම බෞද්ධ කොඩිය සිතුවම් කිරීම සිදු කෙරිණි.
අලව්ව අධිකාරි මුදියන්සේ





