කිලිනොච්චිය පොලිස් වසමේ කරඩිබොක්ක ප්‍ර දේශයේදී කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී නිවසක ගරාජයක් තුළ සඟවා තිබූ පෙට්‍රල් ලීටර් 200ක්, ඩීසල් ලීටර් 6400ක් හා භූමිතෙල් ලීටර් 25ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙම ඉන්ධන තොගය බැරලි 35ක සඟවා තිබියදී සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අවුරුදු 25ක් වන කරඩිබොක්ක පදිංචිකරුවෙකි. සැකකරු හෙට (04දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.


