හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරුවරයෙක් වන කුමාර ධර්මසේන මහතා විසින් ශ්‍රී ලංකාවේ පළමු අගාවුඩ් තෙල් නිස්සාරණ කර්මාන්ත ශාලාව ආරම්භ කර තිබේ.
මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමේ අවස්ථාවට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙන්ම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද එක්ව සිටිියේය.
මේ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළේ කුමා ධර්මසේන වැනි නවෝත්පාදකයෙකු බිහි කිරීමට තමන් ගුරුවරයෙකු ලෙස දායකත්වය දැක්විම සම්බන්ධයෙන් තමන් බෙහෙවින් සතුටට පත්වන බවයි.
මේ පිළිබඳව බන්දුල ගුණවර්ධන මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන
"මෙරට අපනයන ක්ෂේත්රය තුළ නව මාවතක් විවර කරගත් ශ්‍රී ලාංකේය ව්‍යවසායක, හිටපු ක්‍රීකට් ක්‍රීඩකයෙකු හා ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වන කුමා ධර්මසේන මහතාගේ අගාවුඩ් තෙල් නිස්සාරණ කර්මාන්තශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක් වීමට ලැබීම පිළිබඳව මම බෙහෙවින් සතුටට පත් වන්නෙමි.
ඒ හුදෙක්ම මෙය මෙරට පළමු අගාවුඩ් තෙල් නිස්සාරණ කර්මාන්තශාලාව නිසා පමණක්ම නොව, කුමා ධර්මසේන වැනි නවෝත්පාදකයෙකු ගොඩනැඟීම සඳහා ගුරුවරයෙකු වශයෙන් මා ද දායක වූ බැවිනි.
එපමණක් නොව. මෙවැනි නවමු අදහස් ක්‍රියාවට නංවමින් ශ්‍රී ලාංකේය ස්වභාවික උරුමයන් නිසි භාවිතය තුළින් මෙරටට ආදායම් උපයන මාර්ග සකස් කිරීමට දක්වන ලද උනන්දුව සම්බන්ධයෙන් ද, අපනයන ප්‍රවර්ධන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මෙන්ම, මහජන නියෝජිතයෙකු හා මෙරට පුරවැසියෙකු වශයෙන් ද මා තුළ ඇත්තේ නිහතමානී ආඩම්බරයකි.
එබැවින් තවදුරටත් මෙරට අපනයන ක්ෂේත්රයට මෙවැනි නවමු ව්‍යාපෘති එක් කරමින් දේශයට ශක්තියක් ලබා දීමට සැමට හැකි වේවා යැයි පතමි."
ආචාර්ය බන්දුල ගුණවර්ධන
වෙළෙඳ අමාත්‍ය.














