මන්නාරම සහ තලෙයිමන්නාරම් ප්රධාන මාර්ගයේදී තාරාපුරම් ප්රදේශයේදී ඊයේ (29) දින පොලිස් ජිප් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගිය බව මන්නාරම් පොලීසිය පවසයි.
මන්නාරමේ සිට පේසාලෙයි දක්වා ධාවනය වූ පේසාලෙයි පොලිස් ස්ථානයට අයත් ජිප්රථයකට පේසාලෙයි සිටි මන්නාරම් දෙසට ගමනකල යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවීමෙන් යතුරුපැදියේ ගමන්කල තරුණයා බරපතල තුවාල ලබා මන්නාරම රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ මන්නාරම පනංකට්ටු ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි කේ. ආනන්ද නැමති තරුණයෙක් වන අතර මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති බවද පොලීසිය පවසයි.
අනතුරින් පසුව පේසාලෙයි පොලිස් ස්ථානයට අයත් ජිප්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන මන්නාරම මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජනවාරී මස 09 වනදා දක්වා බන්ධනාගාරගත කිරීමට මන්නාරම මහෙස්තාත් අධිකරණය නියෝග කොට ඇතැයි පරික්ෂණ සිදුකරන මන්නාරම පොලීසිය වැඩිදුරටත් පැවසීය.






