රටේ ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් සහ පරිසර හිතකාමි ආකාරයට ධාවනය කළ හැකි විදුලියෙන් ක්‍රියාකරන ත්‍රීරෝද රථයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් විසින් නිර්මාණය කොට තිබේ .
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ විශිෂ්ටතා ප්‍රදර්ශනය - 2022, අද (23දා) ඒකාබද්ධ ජල පර්යේෂණ මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අවස්ථාවේදී මෙම ත්‍රිරෝද රථය ප්‍රථමවරට ප්‍රදර්ශනය කෙරුණි .
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා විදුලියෙන් ක්‍රියා කරන එම ත්‍රිරෝද රථය පිලිබඳ මාධ්‍යයට හඳුන්වා දීම සිදු කළේය .
E වීලර් යනුවෙන් යනුවෙන් හඳුන්වා ඇති එම විදුලි ත්‍රීරෝද රථය එක් වරක් බැටරි ආරෝපණයකින් කිලෝ මීටර් 60 ක දුරක් ගමන් කළ හැකි බව මහාචාර්ය වරයා පවසයි . මහාචාර්යවරයා පවසා සිටින්නේ මෙම ත්‍රීරෝද රථය ව්‍යාපාරික මට්ටමින් ආරම්භ කළ විට මෙරට ඇති මිලියන දෙකක් වූ තීරෝද රථ විදුලියෙන් දිවීමට හරවා ගත හැකි වන බවයි .
මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ ඒ සඳහා යොදන බැටරිය ත්‍රිරෝද රථයේ හිමිකරු විසින් ආරෝපණය කිරීමට අවශ්‍ය නොවීමත් හිස් ගෑස් සිලින්ඩරයක් දී අලුත් ගෑස් සිලින්ඩරයක් ලබා ගන්නා ආකාරයට භාවිතා කළ බැටරිය රට පුරා ඒ සඳහා ස්ථාපිත කරන මධ්‍යස්ථාන වලට ලබාදී ආරෝපණය කරන ලද බැටරියක් ලබාගත හැකි වීමයි . එවිට ත්‍රීරෝද රථ හිමිකරුට එහි විදුලිය සඳහා පමණක් යම් මුදලක් ගෙවීමට සිදුවන බවයි මහාචාර්යවරයා පවසා සිටියේ .
දැනට මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා පෞද්ගලික සමාගමක් ඉදිරිපත් වී සිටින බව ද මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා පැවසිය .
ෂේන් සෙනෙවිරත්න



