පසුගිය වසරේ මහ වැසිත් සමග නැවති ගිය පුත්තලම දිස්ත්‍රික්කයෙ ලුණු නිෂ්පාදනය යලිත් පවතින දැඩි වියළි කාලගුණයත් සමග ආරම්භ කිරිමට හැකිවු බව පුත්තලම පුද්ගලික ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයෙ සභාපති බදුර්දීන් රනිස් මහතා පැවසිය.
නොකඩවා පසුගිය වසරේ ඇද හැළුන මහ වැසිත් සමග ශ්‍රී ලංකාවේ ලුණු නිෂ්පාදනය සම්පුර්ණයෙන් නැවති ගොස් තිබු අතර ඒ හේතුවෙන් රටේ ලුණු අවශ්‍යතාවය වෙනුවනේ ඉන්දියාවෙන් ලුණු ගෙන්විමට රජයට පසුගිය වකවානුවේ සිදුවිනි.
පුත්තලම පුද්ගලික ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයෙ සභාපති බදුර්දීන් රනිස් මහතා වැඩි දුරටත් පවසා සිටියෙ "මහ වැසිත් සමග පුත්තලම ලුණු නිෂ්පාදනය සම්පුර්ණයෙන් නැවති ගියා.ඒ නිසා එම කර්මාන්තයෙ නිරතව සිටි 1000 කට වැඩි නිෂ්පාදකයින් අසරණ වුනා.ඒ විතරක් නොවේයි මේ කර්මාන්තය හරහා වක්‍ර ලෙස රැකියා වල නිරත වු 10000 (දස දහසකට වැඩි පිරිසක්) අන්ත අසරණ වෙලා සිටියෙ තම රැකියාවල් අහිමි විමේන්.
ලුණු පාත්ති සැකසිමේ ඉදන් අස්වැන්න නෙළන කම් විතරක් නොවේයි ලුණු පැකට් කරලා වෙළද සැල් වෙත ප්‍රවාහනය කරන අවස්ථාව දක්වා විශාල රැකියා සංඛ්‍යාවක් සෘජු හා වක්‍ර ලෙස සැකසි තිබුනා.
නමුත් එම රැකියා සියල්ලම පසුගිය වසරේ නැවති යාම එම රැකියා වල නිරත වු පිරිසට බරපතල ගැටළුවක් වුනා .
නමුත් සියලු දෙනාටම යලි රැකියාවල් ලැබිම සිදුවෙමින් පවතිනවා.අපි හිතනවා අපිට මෙට්‍රික් ටොන් 5000 (පන්දහසක) අස්වැන්නක් සති දෙකකින් පමන ලබා ගැනිමට හැකි බව.ඒ වාගේම අපේ බලාපොරෝත්තුව මෙට්‍රික් ටොන් 10000 (දස දහසක්) ලබා ගැනිමට හැකි වෙයි කියලා හිතනවා."යැයි පවසන්නට විය.
ශ්‍රී ලංකාවේ සමස්ථ ලුණු අස්වැන්නෙන් සියයට 45 කට වැඩි දායකත්වයක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් පසුගිය සෑම කාලයෙ ලබා දීම සිදුව තිබු අතර එය ඇතැම් වසර වලදී සියයට 50 ද ඉක්වමා තිබු බව කියයි.
ලුණු අස්වැන්න ලැබිමත් සමග පාත්ති වල ලුණු කැඩිම 25 දින උදෑසන සිට කම්කරුවන් තම දායකත්වය දක්වමින් එම කාර්ය වල නිරත වල ආකාරය ද දැක ගත හැකි විය.









