මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රොගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් හිසකෙස් සහ ලේ දන්දීමේ පුණ්‍ය කර්මයක් සමග ශරීර අවයව දන්දීමට පොරොන්දු පත්‍ර අත්සන් කිරීමේ වැඩසටහනක් බළන්ගොඩ ශාන්ත ඇග්නස් බාලිකා විද්‍යාලයේ දී පැවැත්විණි.
මෙම පිංකමේ දී බාලිකා බාලදක්ෂයින් සහ ආදිශිෂ්‍යාවන් ඇතුලූ වැඩිහිටි කාන්තාවන් හය සියයක් පමණ දෙනා සිය හිසකෙස් දන්දුන්හ. පිළිකා රෝගයෙන් ප්‍රතිකාර ගන්නා රෝගී කාන්තාවන්ට දෙන ඖෂධ නිසා ඔවුන්ගේ හිසකේ ගැලවීයාමෙන් පසුව යළි වැවෙන තෙක් තාවකාලික කොණ්ඩ සැකසීම පිණිස මෙම හිසකෙස් භාවිත කරනු ලබයි.
අජිතලාල් ශාන්ත උදය



