දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිමේ හැර ඉතිරි ඉනිම් වලදී පිතිකරුවන් ඇතුළු අනෙකුත් ක්‍රීඩකයින් හොදින් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා අද (11දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .
දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියට එක්වීමෙන් අනතුරුව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි පසු කටුනායක ගුවන් තොටුපොළේදි මාධ්‍ය වෙත ඔහු මේ බව පැවැසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ධනංජය ද සිල්වා සඳහන් කළේ දකුණු අප්‍රිකාවේ පැවති දුෂ්කර තත්වයන් යටතේ තම කණ්ඩායම මෙම තරගාවලියට ක්‍රීඩා කළ බවයි.




ඉදිරියේදි ඔස්ට්‍රේලියා කණ්ඩායම තරග දෙකක් සඳහා ශ්‍රි ලංකාවට පැමිණෙන බවත් එම තරගාවලිය පිළිබඳව දැඩි බලාපොරොත්තු තබා ගෙන ඇති බවත් පැවසීය .
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම 12/11 දින උදෑසන 08.22 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .