වසර 20කට පෙර සුනාමි විපතින් ජීවිත අහිමි වූ දහස් ගණනක් සිහිපත් කරමින් 20වෙනි සුනාමි සැමරුම් උළෙල අද (26)දා පැරෑලිය සුනාමි ස්මාරකය අසලදී පැවැත්වුණි. සුනාමි මුහුදු රළ ට හසුවී පෙරළී ගිය දුම්රියේ මැදිරිය සහිත දුම්රියක් ඊයේ දිනද කොටුව දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කර තිබුණි.
එහි පැමිණි සුනාමියෙන් මියගිය 1270 ක් පවුල්වල අයගේ ඥාතී හිත මිත්රාදීන්ද, සුනාමියට හසුවී මිය ගිය පැරැළිය ප්‍රදේශයේ ගම්වාසීන්ද පෙරහරකින් සුනාමි ස්මාරකය අබියස කැඳවාගෙන එනු ලැබීය. ඉන්පසු හරියටම පෙරවරු 9.26 ට සුනාමි සැමරුම් උළෙල ආරම්භ කරනු ලැබීය.
මෙම සැමරුම් උළෙල පැරෑලිය පදුම බග්ගාරාමාධිපති ශ්රාස්ත්රපති පැරැලියේ විමල නාහිමියන් ඇතුළු ගම්වාසින් විසින් සංවිධානය කොට තිබුණි. එහිදී පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කිරීම පයාගල බණ්ඩාරනායක විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති පැරැලියේ විමල නාහිමියන් විසින් සිදු කරනු ලැබූහ.එහිදි උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ.
සුනාමි සොහොන් කොත් සකස් කරන්න සාකච්ඡාවක් තිබුණා .අපේ පන්සලේ ඒ හින්දා මම කල්පනා කරා මේක කොහොම හරි කරන්න ඕන . මීට පෙර මෙම කටයුතු සංවිධානය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ඒ කටයුතු කරන්නට බැරි වුණා . එහෙම කරන්න යද්දි ගැටලු මතු වුණා. අපට සතුටු වෙන්න පුළුවන් ආකාරයට ඒ කටයුතු අද සිද්ධ වෙනවා. ආරාධනා කර මහා සංඝරත්නය වැඩම කිරීමෙන් පේනවා. අපේ ජනතාව ඇත්තටම මේ ගමේ ජනතාව තමයි මෙතෙන්දි සෑහෙන කර උරත් දුන්නේ. අපිට .අපේ ගමේම මේක සමරන්නේ නැතුව ඔය කොහේ කොහේ කොහේ සුනාමි සැමරීම කරත් වැඩක් නෑ.
ලෝකයේ දුම්රිය අනතුරුවලින් විශාලම දුම්රිය අනතුර සිද්ධ වුණේ මේ පැරැළියේ. එහිදී 2000ක් දුම්රියෙන් මරණයට පත්වුණා. මුළු දුම්රියක් විනාශ වෙලා ගියා. මෙන්න මේකයි වැදගත් වෙන්නේ .මේ හින්දා සුනාමීය කාටවත් අතහරින්න බෑ.මෙවැනි අනතුරු යළි ඇති නොවන්නට සැමදා මෙම සුනාමි සැමරුම පැවැත්විය යුතුයි.පුෂ්පාරාම විහාරාධිපති ,විශ්‍රාමලත් මාවඩවිල ශාන්ත නාහිමි. මෙසේ පැවසූහ.
කිසිවකු නොසිතන මොහොතකදී සිදුවූ මේ ඛේදවාචකය වසරෙන් වසර අපේ සිත්වල කම්පාවක් ඇති වෙනවා. දැන් අපට සිදුව තිබෙන්නේ මියගිය අය වෙනුවෙන් පින් දහම් කිරීම පමණයි. ඒ සඳහා පගේ ගරුතර මහා සංඝ රත්නය ඇතුළු ප්‍රදේශවාසීන් මේ ඉදිරිපත් කරන සේවාව අගය කළ යුතුයි. බෝ අය මිය නොයන අය සේ අද ජීවත් වෙනවා. මෙවැනි ඛේදවාචක තුළින් මරණයේ සැබෑ ස්වභාවය අපට දැක ගන්නට පුළුවන්කම තිබෙනවා.. ඒ නිසා මැරුණත් මේ මිනිසුන්ව මැරුණු මිනිසුන් ලෙස අපේ හදවත් තුළ සදාකාලික ජීවත් වෙනවා. අපට ඕනෑ පින්දහම් කටයුතු කිරීම පමණයි. ඒ සඳහා කෘතිවේදී ජනතාවක් දිවයිනේ සතර ප්‍රදේශයෙන් මෙතැනට පැමිණ සිටිනවා.
රාගම තේවත්ත බැසිලිකා දෙව් මැදුරේ නිහාල් පෙරේරා දේව ගැති තුමා මෙසේ ප්‍රකාශ කළේය. සුළු මොහොතකින් මෙහෙම දෙයක් වෙනවයි කියා කිසිවකු කල්පනා කළේ. නැහැ. මහා බලසම්පන්න බලවේගයකින් මේ පැරැලියේ පමණක් නොව ලංකාවේ විවිධ ප්‍රදේශ ද ලෝකයේ රටවල් ගණනාවක ද ජීවිත හානියට පත්වුණා. විශ්වාස කරන්න බැරි තරමටම ප්‍රදේශයක් ගෙවල් නැතිවුණා. අපි ප්‍රාර්ථනා කරමු ලෝකවාසී සියලුම දෙනාට ම මෙවැනි විපත් සිදු නොවෙන්නටත් ප්‍රාර්ථනා කරමු.
සුනාමි සැමරුම් උළෙලට සහභාගි වූ ආරාධිත අමුත්තන් වන රාජ්‍ය නිලධාරීන් හමුදා නිලධාරීන් පොලිස් නිලධාරීන් ඇතුළු ආරාධිත අමුත්තෝ රැසක් මහත්ම මහත්මීන් විසින් සුනාමි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූහ. මියගිය අය වෙනුවෙන් විනාඩියක් නිහඬව සිටීමෙන් ගෞරව කළහ. මෙම අවස්ථාවේ ගාලු මාර්ගයේ ගමන් කළ මෙන් තිබුණු රථ වාහනවලද නතර කොට ඒ අයද විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් දක්වා මියගිය ඥාතීන්ට ගෞරව දැක්වීම සිදු කරනු ලැබීය. අනතුරුව විසි වසරකට පෙර දුම්රියෙන් පැමිණෙමින් සිටියදී සුනාමියෙන් මිය ගිය අයගේ දූ දරුවන් හා ඥාතීහු ද සුනාමි ස්මාරකයට මල් කළඹ තබා පුෂ්පෝපහාර දැක්වූහ.
මියගිය සියලු දෙනා වෙනුවෙන් බෞද්ධ ආගමික වතාවක්ද හින්දු ආගමික වතාවක්ද සිදු කරන ලදී. මෙහිදී තෙල්වත්ත රජ මහා විහාරාධිපති පිටුවල බුද්ධසිරි හිමි ,බෞද්ධ ආගමික වතාවත් සිදු කළ අතර කතෝලික ආගමික වතාවත් ආගම තේවත්ත බැසිලිකා දෙව් මැදුරේ නිහාල් පෙරේරා පූජකතුමාණන් විසින් විසින් සිදු කරන ලදි.
කමල් ශ්‍රී ලියනගේ පැරැලියේ සිට