මහ මුහුද රළුවී මුහුදු රල මාර්ගයට පැමිණීම හේතුවෙන් අද (1) ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත මංසන්දිය දක්වා රට වාහන ධාවනයට දැඩි බාධා එල්ලවී තිබේ.
ඊයේ( 31) රෑ සිට මෙම තත්ත්වය උද්ගත වූ බව ප්ර දේශවාසීහු කියති. මුහුදු රල පහරත් සමග මුහුද අයිනේ දමා ඇති ගල් වැටියේ ඇති ගල් විටින් විට මහ පාරට පැමිණෙමින් තිබෙන අතර එහි පදිංචිකරුවන් ගල් ඉවත් කරමින් වාහන ධාවනයට මාර්ගය සකසාදීමට දැඩි උත්සහායක නිරතවී සිටිති.

