සංවිධානාත්මක අපරාධ කල්ලි සහ පාතාලය මර්ධනය කිරීමේ අරමුණින් විශේෂ කාර්ය බළකායේ විශේෂ පුහුණුවක් ලද පළමු පොලිස් සංග්‍රාමික ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩායම විසිරයාමේ පෙලපාලිය අද (25 ) කළුතර , කටුකුරුන්ද පිහිටි විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
එම පුහුණුව හදාරන ලද විශේෂ යතුරුපැදිකරුවන් 100 කු මෙහිදී විසිර යනු ලැබූ අතර , ඔවුන් වෙත සහතිකපත් සහ විශේෂ ලාංඡනයක් මෙහිදී හිමිගන්වනු ලැබීය .
මෙම යතුරුපැදිකරුවන් කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්ත කර බස්නාහිර සහ දකුණ පළාත් යටතේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීමේ රාජකාරී යෙදවීමට නියමිතව ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, විශේෂ කාර්ය බළකා අණදෙන නිළධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර, බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න , පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දුව, කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා අණදෙන නිළධාරී සහකාර පොලිස් අධිකාරි එන්සී ගජවීර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පානදුර සුමිත් පොතුපිටිය






