පාකිස්තානු නාවික හමුදා විද්‍යාපීඨයේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ, මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන්, 2025 ජනවාරි මස 04 වැනි දින පැවති විසිර යාමේ පෙළපාලියේදී, විශිෂ්ඨතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත හිමි කර ගැනීමට සමත් විය.
එම ජයග්‍රහනය ඇගයීමට ලක් කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ විසින් මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන් වෙත ඊයේ දින (2025 ජනවාරි 06) නාවික හමුදා මුලස්ථානයේදී, ප්රශංසාත්මක ලිපියක් පිරිනමන ලද අතර, අද (2025 ජනවාරි 07) ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන් ලබා ගත් ජයග්‍රහනය තුලින් මව්බිමට අත්කර දුන් කීර්තිය සහ ත්‍රිවිධ හමුදා පුහුණූ වන නිලධාරීන්ට පමණක් නොව, සමස්ත ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාවට ලබාදුන් වටිනා ආදර්ශය අගයමින් සුභාසිංශන පිරිනැමිම සිදු කෙරිණි.
කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා, විද්‍යාලයේ ක්‍රීඩා නායක, සාහිත්‍ය කණ්ඩායම් සභාපති, විවාද කණ්ඩායමේ නායක ඇතුළු විෂය භාහිර ක්‍රියාකාරකම් තුළින් වැඩිදියුණු කරගත් නායකත්ව ගුණාංග සමඟින්, 2021 වර්ෂයේ සැප්තැම්බර් මස 28 වැනි දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ 64 වන ශිෂ්‍යභට බඳවා ගැනීම යටතේ මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන් නාවික හමුදාවේ පුහුණුව සඳහා එක්විය.
2022 වර්ෂයේ ජූලි මස 10 වැනි දින පාකිස්තානු නාවික විද්‍යාපීඨයට අනුයුක්ත වී, න්‍යායික හා ප්‍රායෝගික අධ්‍යන කටයුතු පමණක් නොව, ක්‍රිකට් ක්‍රීඩාවෙන් ද දස්කම් පෙන්වමින්, විවාද කණ්ඩායමේ ද සාමාජිකයෙක් ලෙස ජයග්‍රහණ හා සම්මාන ලබාගනිමින් ඔහු පුහුණුව උසස් අන්දමින් සම්පූර්ණ කිරීමට සමත් විය.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා මධ්‍ය නිලධාරීන් දෙදෙනෙකු සහ පාකිස්තානු නාවික හමුදාවේ මධ්‍ය නිලධාරීන් 48 දෙනෙකු විසිර යාම වෙනුවෙන් 2025 වර්ෂයේ ජනවාරි මස 04 වැනි දින පැවති අධිකාරියට පත් කිරීමේ පෙළපාලියේදී, විශිෂ්ඨතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත හිමි කර ගැනීමට මෙලෙස මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන් සමත් වීම, පාකිස්තානු නාවික හමුදා ඉතිහාසයේ ශ්‍රී ලංකා නාවික හමුදා පුහුණු වන නිලධාරියෙකු එලෙස විශිෂ්ඨතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත හිමිකර ගත් ප්‍රථම අවස්තාව ලෙස සනිටුහන් විය.
තවද, පුහුණු කාලසීමාව තුලදී ඔහු හොඳම මිත්‍ර රාජ්‍ය ශිෂ්‍ය භට නිලධාරියාට හිමි ගෞරවනීය සම්මානය සහ විශිෂ්ඨ කාර්ය සාධනය හා නායකත්ව කුසලතා වෙනුවෙන් පාකිස්තානු නාවික හමුදා ප්‍රධානී රන් සම්මානයද දිනාගනිමින්, පුහුණුව අවසානයේ විශිෂ්ඨතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත හිමි කර ගැනීම තුලින්, මව්බිමට කීර්තියක් අත්කර දීමත්, පුහුණුවන ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට පමණක් නොව, සමස්ත ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව වෙත වටිනා ආදර්ශයක් ගෙන දීමත් හේතුවෙන්, ඔහු තවදුරටත් දිරිමත් කිරීම වෙනුවෙන් මෙලෙස නාවික හමුදාධිපති ගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ගේ විශේෂ ඇගයීම හා ප්‍රශංසාව පිරිනැමිම සිදු කෙරිණි.











