පවතින දැඩි වර්ෂාව හෙතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි එක් ලක්ෂ දාසය දාහක් ඉක්ම ගොස් ඇති බැවින් වාන් දොරටු හයක් අඩිය බැගින් (අද 24දා) දින අලුයම විවෘත කළ බව පොලොන්නරුව කලාප භාර වාරිමාර්ග අධ්‍යක්ෂක එස්. කේ. හේවගේ මහතා පැවැසිය.
වාන් දොරටු හයෙන් තත්ත්පරයට ඝන අඩි 840ක් පිට වන බවත් මේවන විට පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි එක් ලක්ෂ පහළොස් දාහක් ඇති බවත් දොරටු හයක් විවෘත කර ඇති අතර වර්ෂාව වැඩි වුවහොත් වාන් දොරටු අටක් විවෘත කරන බවත් මෙම ජලය මහවැලි ගඟට මුදාහරින බැවින් ගඟ දෙපස ජනතාව සිටින සහ ගඟ පරිහරණය කරන ජනතාව අවධානයෙන් සිටින ලෙස පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂක එස් කේ හේවගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.
හිඟුරක්ගොඩ පියතිලක


