ගාල්ල වරායේ නවතා තිබෙන නෞකාවක කාර්ය මණ්ඩලයක් රැගත් ගුවන් යානයක් නෙදර්ලන්තයේ ඈම්සට්රඩෑන් සිට පැමිණ අද (03දා) මත්තල ජාත්‍යන්තර ගුවන් තොටපොලට ගොඩ බැස්සවීය.
දැනට ගාල්ල වරායේ නැංගුරම්ලා තිබෙන නෞකාවක 230 දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් රැගෙන මෙම විශේෂ ගුවන් යානය අද (03දා) පෙරවරු 08.40ට මත්තල ගුවන් තොටුපොලට ගොඩබස්සවනු ලැබීය.
ගුවන් යානයේ පැමිණි සියළුම දෙනා ගුවන්තොටුපොල තුළදිම විෂබීජහරණයට ලක් කිරීමෙන් පසු බස් රථ මගින් ගාල්ල වරාය වෙත රැගෙන යාමට කටයුතු කෙරුණි.
දැනට ගාල්ල වරායේ නවතා ඇති නෞකාවේ සිටින සේවකයින් 53 දෙනෙකු රැගෙන නැවත ගුවන් යානය අද රාත්රියේදී නෙදර්ලන්තය බලා පිටත්ව යෑමට නියමිතය.
මොණරාගල සුමනසිරි ගුණතිලක/රාහුල් සමන්ත හෙට්ටිආරච්චි


