සති අන්ත නිවාඩුවත් සමග නුවරඑලිය ප්‍රදේශයට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන් පවසයි.
නුවරඑලිය ප්‍රදේශයට මේ දිනවල පවතින යහපත් කාලගුණයත් සමග දේශිය සංචාරකයන් විශාල පිරිසක් මෙසේ පැමිණ ඇති බවත්, නත්තල් උත්සවයේ නිවාඩුවට නුවරඑලිය ප්‍රදේශයේ සියළුම සංචාරක හෝටල් කාමර මේ වන විට දෙස් විදෙස් සංචාරකයන් විසින් වෙන් කරවාගෙන ඇති බවයි සංචාරක හෝටල් හිමියන් කියා සිටියේ.
සති අන්ත නිවාඩුවට නුවරඑලියට පැමිණි දේශිය සංචාරකයන් ග්‍රේගරි වැවි අශ්‍රිතව විනෝද වන අයුරු දක්නට ලැබුණි.






