නත්තල් නිවාඩුවත් සමග නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බවත්, එසේ පැමිණි සංචාරකයන් හේතුවෙන් නුවරඑලිය ප්‍රදේශයේ සියළුම සංචාරක හෝටල් සහ නවාතැන් පහසුකම් ලබා දෙන ස්ථානවල සියළුම කාමර වෙන්කරගෙන තිබු බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ නිලධාරියෙකු කියා සිටියේය.
නුවරඑලිය ප්‍රදේශයේ මේ දිනවල පවතින යහපත් කාලගුණයත් සමග පැමිණි සංචාරකයන් වික්ටොරියා උද්‍යානය, හොර්ටන්තැන්න, සදතැන්න, ග්‍රේගරි වැව, හග්ගල උද්භිත උද්‍යානය ඇතුළු නුවරඑලිය අවට සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති ස්ථාන වල සංචාරය කල බව එම නිලධාරියා කියා සිටියේය.
එසේ පැමිණි සංචාරකයන්ගෙන් ඇතැම් සංචාරකයන් ලබන නව වසරේ නුවරඑලියේ ගත කිරිමට කාමර වෙන් කරගෙන ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.