ජිවන වියදම ඉහල යාම, ඉන්ධන මිල ඉහල යාම, ගෑස් මිල ඉහල දැමිම , ගෑස් හිගය සහ විදුලි කප්පාදුවට එරෙහිව රජයේ සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති ගණනාවක් එක්ව අද (28) දින ආරම්භ කර ඇති වැඩ වර් ජනයට සහයෝගය දක්වා නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම නගර වල වෙලදසැල් වසා දැමිමට වෙලද සංගම් පියවර ගෙන ඇත.
නුවරඑලිය, හැටන්, තලවකැලේ, කොටගල, නොර්වුඩ්, බගවන්තලාව, මස්කෙලිය යන නගරවල වෙළදසැල් වසා දමා තිබුණි.
හැටන් සහ නුවරඑලිය බස් නැවතුම්පොලවල් වල දිනපතා ධාවනය වන පෞද්ගලික බස් රථ (28) දින ධාවන කටයුතු වලින් ඉවත් වි ඇති අතර, ලංගම බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණත්, එම බස් රථ වලින් ගමන් කිරිමට එතරම් මගින් සංඛ්‍යාවක් නොසිටින.
හැටන් සහ නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන සියළුම පාසල් වලට (28) දින ගුරුවරුන් නොපැමිණි නිසා එම පාසල් වසා දමා තිබුණි.
ධාවනය වන ලංගම බස් රථ වලට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබාදි තිබු අතර,රාජ්‍ය අංශයේ බැංකු ගණනාවක් වසා දමා තිබු අතර , පෞද්ගලික අංශයේ බැංකු කිහිපයක් විවෘත කර තිබුණද එම බැංකු වෙත ගණුදෙණු කරුවන් එතරම් සංඛ්‍යාවක් පැමිණි නොසිටින.
තේ වතු ආශ්රිත කිසිදු වතු කම්කරුවෙකු (28) දින දෛනික වැඩ කටයුතු වල වාර්තා කර නොමැති අතර , වතු කම්කරුවන් වැඩ වර්ජනයට සහයෝගය දක්වා ඔහුන් සේවා කටයුතු වලින් ඉවත් වි ඇතැම් ස්ථානවල රජයට එරෙහිව උද්ඝෝෂණය සිදු කෙරිණ.















