පෞරාණික වටිනාකමික් යුත් නිල් මැණිකකින් නිර්මිත අඟල් 02ක් පමණ වූ බුදු පිළිමයක් රුපියල් බිලියන 6කට විකිණීම සඳහා සූදානම් කර තිබියදී සැකකරුවන් සිවු දෙනෙකු සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මොණරාගල කුඹුක්කන ප්ර දේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ (04දා) සිදුකර තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් අවුුරුදු 20, 26, 30 හා 40 යන වයස්හි පසුවන්නන් වෙයි. සැකකරුවන් අද දිනයේදි අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
ඡායාරූප මොණරාගල සුමනසිරි ගුණතිලක

