ශ්‍රී ලංකාවේ මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සදහා භාවිතා කිරීමට, ඉන්දියාවේ නැනෝ නයිට්රජන් දියර පොහොර පළමු තොගය ලෙස, ලීටර් ලක්ෂයක් අද (20දා) අලුයම, ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.
නැනෝ නයිට්රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31 ක් මෙරටට ආනයනය කිරීම සදහා ඇනවුම් කර ඇති අතර, එයින් පළමු තොගය ලෙස ලීටර් ලක්ෂයක ප්‍රමාණය මෙසේ ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබූණි. මෙම සතිය තුළ තවත් දියර පොහොර ලීටර් ලක්ෂ 05 ක් ආනයනය කිරීමට සැළසුම් කර තිබේ.
මෙම දියර පොහොර තොගය මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිජන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබා දීමට පියවර ගැනීමට නියමිතය .
මෙම දියර පොහොර තුළ බැර ලෝහ නොමැති අතර, ශාක පත්‍ර මගින් 90% ක්ම ගසට උරා ගැනීම සිදු කරයි. මෙසේ රැගෙන ආ පොහොර තොගය වත්තල , හුණුපිටිය කළම්බු කොමර්ෂල් පොහොර මධ්‍යම ගබඩාව වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබුණි .




