ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 21 වන සඳුදා
ජාතික දින සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී අද (04දා) මධ්‍යාහ්න 1200ට අභිමානවත් ලෙස සිදු කෙරිණි.
මෙම ආචාර වෙඩි මුරයේ ඉතිහාසය දෙස බැලීමේ දී දෙවන එලිසබෙත් කුමරිය පිලිප්ස් කුමරු සමග දකුණු අප්‍රිකානු සංචාරයකින් පසුව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණ අවස්ථාවක ඒ වෙනුවෙන් ඔවුන් පිළිගැනීම සඳහා ආචාර වෙඩි මුරයක් පැවැත්වීමට සූදානම් කර ඇත.
නමුත් එම ගමන අතරතුර දී එලිසබෙත් කුමරිය ගේ පියා වන හයවන (6) ජෝර්ජ් රජු මියගිය පුවත කුමරිය වෙත දැන ගැනීමට ලැබීම හේතුවෙන් ලංකා ගමන අවලංගු කර ඇය නැවත සිය රට බලා ගොස් ඇත. නමුත් රජුගේ අවමගුල පැවති දිනයේ දී එවකට විජය නෞකාවේ සවිකර තිබූ මි.මි. 52 වර්ගයේ අවියකින් ආචාර වෙඩි මුර 56ක් පවත්වා ඇත. ඒ මිය යන විට හයවන ජෝර්ජ් රජුගේ වයස අවුරුදු 56ක් වූ නිසාවෙනි. මුල්ම වතාවට නිදහස් දිනයක් වෙනුවෙන් මෙම වෙඩි මුර උත්තමාචාරය පවත්වා ඇත්තේ 1948 වර්ෂයේ දී වන අතර, එහි දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආචාර වෙඩි මුර 15ක් ගාලු මුවදොර පිටියේ දී පවත්වා ඇත. 1949 වර්ෂයේ දී ද මෙම ආචාරය පවත්වා ඇති අතර, එය සිදුකර ඇත්තේ විජය නෞකාවේ දී ය. එහි දී එක් අවියක් පමණක් උපයෝගී කර ගනිමින් වෙඩි මුරයන් අතර කාල පරතරය විනාඩියක් ලෙස පවත්වා ගනිමින් මෙම ආචාරය සිදු කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ.
විජය නෞකාව අධිකාරියෙන් ඉවත් කොට භාවිතයෙන් ඉවත් කිරීමෙන් පසුව කොළඹ වරාය තුළ Galle Buck Bay නැමැති ස්ථානයේ මෙම අවි 03ක් සවිකොට තිබුණි. නමුත් මෑත කාලයේ දී කොළඹ වරාය සීඝ්‍ර සංවර්ධනයකට හා පුළුල් කිරීමකට ලක් වූ බැවින් 2000 වර්ෂයේ දී එම අවි වර්තමානයේ පවතින ප්‍රදීපාගාරය අසලට ගෙනවිත් සවි කොට ආචාර වෙඩි මුර පවත්වා ඇත. එතැන් පටන් අද දක්වාම නොකඩවා චාරිත්‍රයක් වශයෙන් ජාතිය වෙත ආචාර දැක්වීම සඳහා නාවික හමුදාව විසින් මෙකී කාර්යය සිදු කරනු ලබයි.
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd