ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ අලියා දුපත අසල ගැඹුරු මුහුදේ මීටර් 100ක් කිමිදී වාර්තාවක් පිහිටුවීමට විධාන කිමිදුම් නිලධාරි(නැගෙනහිර නාවික විධානය) කොමාණ්ඩර් නිශාන්ත බාලසුරිය සහ ඔහුගේ සහයක කිමිදුම් කරුලෙස කටයුතු කල බල නැවි (කිමිදුම්) ඩබ්ඩබ්එන්පි සඳරුවන් යන අය සමත් විය.
නාවික ඉතිහාසයේ එවන් ගැඹුරකට කිමිදුනු ප්‍රථම පුද්ගලයින් ලෙස ඉතිහාස ගත වීමෙන් නාවික හමුදාවට විශාල කිර්තියක් ගෙන දෙන්නට ඔවුන් සමත් විය.
මෙම අසීරු කිමිදුම් වාර්තාවට ලඟා වීම අහම්බෙන් සිදු වූවක් නොව මාස ගණනාවක් සිදු කළ ශාරීරික හා මානසික වෙහෙස කර පෙර පුහුණුවීම් ගණනාවක අවසන් ප්‍රථිපලයන් වෙයි.
ක්‍රමක් ක්‍රමයෙන් කිමිදීමේ ගැඹුර වැඩි කරමින් පසු ගිය මාර්තු 15 වන දින මීටර් 73ක් (අඩි 242) ගැඹුරට පුහුණු කිමිදුම් අභ්‍යාසයක් සිදුකිරීමට සමත් වූ මෙම කිමිදුම් යුගලය, පසුගිය ජුලි 13 වන දින මිටර් 75 (246) ගැඹුරට තවත් කිමිදුම් අභ්‍යාසයක් සිදුකිරීමට සමත් විය.
ජුලි 17 වන දින මිටර් 100ක් ගැඹුරට කිමිදීමේ අභියෝගය ජය ගැනීම සඳහා කොමාණ්ඩර් බාලසුරිය ඔක්සිජන්, හීලියම් සහ නයිට්රජන් යන වායූන් තුනම මිශ්‍ර කර දිය යටදී ලබා ගැනීමේ පහසුකම් සහිත කිමිදුම් උපාංග කට්ටල සුදානම් කර ගනිමින් කිමිදීම සඳහා සූදානම් විය.







