ජල පෝෂිත ප්රදේශ වලට ඇද හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් අනුරාධපුර පූජා නගරයේ මල්වතු ඔය දෙපස පහත් බිම් රැසක් අද (16දා) දහවල් වන විට ජලයෙන් යට වෙමින් තිබුණි.
අනුරාධපුර සිට මන්නාරම දක්වා මල්වතු ඔය පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
මල්වතු ඔය පිටාර ගැලීම හේතුවෙන් අනුරාධපුර පූජා නගරයේ සිංහ කණුව දෙස සිට කොහොඹ ගස් හන්දියට දක්වා දිවෙන මාර්ගයේ කොටසක් අද දහවල් නව විට වසා දැමීමා තිබුණි.
ජල පෝෂිත ප්රදේශවලට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් නාච්චාදූව ජලාශයේ වාන් දොරටු හයම අද දහවල් වන විට අඩි 5 බැගින් විවෘත කර ඇති අතර තප්පරයට ගණ අඩි 5220ක් පමණ ජල ධාරිතාවයක් ඉන් මුදා හරිනු ලබයි.
එම ජලය මල්වතු ඔයට ගලා යාම හේතුවෙන් මෙම තත්ත්වය මතුව තිබේ.
නාච්චාදූව වාරි මාර්ග කාර්යාලය නිවේදනයේ සඳහන් වන ආකාරයට සවස් කාලය පමණ වන විට තව දුරටත් මල්වතු ඔයේ ජල මට්ටම ඉහල යනු ඇති බැවින් මල්වතු ඔය දෙපස පහත් බිම් වල සිටින ජනතාවට ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙසය.






