ශ්‍රී ලංකා දුම්රිය සේවය, තන්ත්‍රි ට්‍රේලර්ස් සමාගම හා එක්ව නවීකරණය කරන ලද පළමු නැරඹුම් මැදිරිය පරීක්ෂණ ධාවනයේ යෙදවීය.
දුම්රිය මැදිරි නවීකරණය කරමින් දුම්රිය මගී ජනතාව වෙනුවෙන් වඩාත් සැපපහසු සේවාවක් ලබාදීම වෙනුවෙන් දුම්රිය මැදිරි නවීකරණය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි.
මේ හරහා දුම්රිය මැදිරි 200ක් නවීකරණය කිරිමට අපේක්ෂා කරයි. ශ්‍රී ලාංකික සමාගමක් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමගින් විදේශයන්ට ඇදී යාමට තිබූ විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකිවිය.
RDMNS






