23 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අද ( 21) වන බදාදා දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී සාම්ප්‍රදායික හමුදා ගෞරවාචාර, ආගමික ආශීර්වාද සහ සුභපැතුම් මධ්‍යයේ සිය ධූරයෙහි රාජකාරි ආරම්භ කරන ලදී.
එතුමන් ගජබා රෙජිමේන්තුවෙන් බිහි වූ ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමා වේ.
යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි නව යුද්ධ හමුදාධිපතිතුමන්ව, යුද්ධ හමුදා මුලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරී සහ ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.
සරඹ භූමිය වෙත සපැමිණි නව යුද්ධ හමුදාධිපතිතුමන්ව, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න විසින් ඉතා උණූසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව පෙළපාලියේ අණදෙන්නා සමඟ එක්ව එතුමන් විශේෂ පිඨිකාව වෙත කැඳවාගෙන යන ලදි. ඉන් අනතුරුව, ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එතුමන් වෙත වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද පිරිනමනු ලැබීය.
පසුව, නිලධාරීන් 2 ක් සහ සෙසුනිලයින් 49 දෙනෙකුගෙන් සමන්විත වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියට අණදුන් ගජබා රෙජිමේන්තුවේ කපිතන් ටී.ඩී.එම් තිස්සගේ නව යුද්ධ හමුදාධිපතිතුමන්ට හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන පෙළපාලිය නිරීක්ෂණය කිරීම සඳහා ආරාධනා කරනු ලැබීය.
රෙජිමේන්තු ධජවලින් අලංකාරවත් වූ ක්‍රීඩාංගණයේ දී යුද්ධ හමුදා තූර්යවාදක කණ්ඩායමේන් නැගුණු දේශානූරාගී ගී තනු මධ්‍යයේ නව යුද්ධ හමුදාධිපතිතුමන් පෙළපාලියේ අණදෙන නිලධාරී සමගින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලිය නිරීක්ෂණය කරන ලදී.
ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත සපැමිණි නව යුද්ධ හමුදාධිපතිතුමන්ව ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් මහා සංඝරත්නය වෙත දැහැත් වට්ටිය පිළිගන්වමින් සෙත් පැතීම සඳහා ආරාධනා කරනු ලැබීය.
එහිදී, මිරිසවැටිය විහාරාධිපති අති පූජ්‍ය ඊතල වැටුනුවැවේ ඥාණතිලක ස්වාමීන් වහන්සේ විසින් කෙටි අනුශාසනාවක් සිදු කරමින් නව යුද්ධ හමුදාධිපතිතුමන්ට ආශීර්වාද එක් කළේය.
කෂිනි හපුආරච්චි




