ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 08 වන අඟහරුවාදා
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරෙන නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය සිදුකර තිබේ.
විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් අනුව මෙම විදුලි ආලොකකරණය සිදු කළේය.
මෙම නව කැළණි පාලම ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන ප්‍රධාන සාධකයක් වන නිසාත් කැළණි ගගේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරිම සදහා විදුලි ආලෝකකරණය ඉවහල් වන බව අමාත්‍යවරයාගේ අදහස විය.
එම නිසා දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවදානය යොමු කර ඒවා අප රටට සුදුසු නම් එම ක්‍රමවේදයන් මේ නව කැළණි පාලම සදහා යොදා ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දී තිබුණි.
එම උපදෙස් මත මේ වන විට නව කැළණි පාලම විදුලි ආලෝකකරණය කර ඇත. ඊයේ (13දා) එම විදුලි ආලෝකකරණ පද්ධතිය අත්හදා බැලීමේ කටයුතු සිදු කරන ලදී.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස 2014 වසරේදී මූලික සැලසුම් සකස් කර ගිවිසුම් අත්සන් කළ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් පසුගිය යහපාලන රජය සමයේදී ආරම්භ කළේය.
popular news
ලොහාන්ගෙන් ආණ්ඩුවට සද්දයක් - නෝනට අත තිබ්බොත් බලාගෙනයි
මාලිමාවේ මන්ත්‍රී කෝසල අභාවප්‍රාප්ත වෙයි
දැරියකට මරු කැඳවීමෙන් පසු මෝටර් රථයේ රියදුරු පළා යයි
දිනකට බැතිමතුන් 35000ට ආහාර දෙන්න මාළිගාවෙන් දන්සලක්
වැලිකඩ ඕඅයිසී ධුරයෙන් ඉවතට
ට්‍රම්ප්ගෙන් ශ්‍රි ලංකාවට සියයට 44ක බද්දක්
Imasha Sunday, 19 September 2021 02:18 AM
වසන්ත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd