යාපනය කන්කසන්තුරෙයි ප්රධාන මාර්ගයේ මාවිට්ටපුරම් ප්රදේශයේදී ධාවනය වෙමින් තිබූ වෑන් රථයක ඊයේ (22) රාත්රියේ හදීසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් වෑන් රථය සම්පූරණයෙන්ම විනාශ වී ඇතැයි කන්කසන්තුරෙයි පොලීසිය පැවසීය.
කන්කසන්තුරෙයි පොලීසිය ආසන්නයේ ඇති මාවිට්ටපුරම් මාර්ගයේ ධාවනය වී ඇති වෑන් රථයේ රියදුරු පමණක් සිට ඇති අතර එකවරම ඇති වූ ගින්නක් හේතුවෙන් රියදුරු වෑන් රථයෙන් ඉවතට ගොස් උදව් ඉල්ලා ගින්න නිවා දැමීමට උත්සහ දැරීය.
පසුව ප්රදේශවාසීන් කිහිප දෙනෙකුද පැමිණ ගින්න නිවා දැමීමට උත්සහ ගත්තද එය අසාර්ථක වීමෙන් පසුව කන්කසන්තුරෙයි නාවික හමුදා කඳවුරට දැනුම්දීමෙන් අනතුරුව සැනෙකින් පැමිණ නාවික හමුදා ගිනිනිවන අංශ නිලධාරීණ් විසින් වෑන් රථයේ ගින්න නිවා දැමීමට පියවර ගන්නා ලදි.
කෙසේ වෙතත් ගින්න නිවා දමන විටත් වෑන් රථය සම්පූරණයෙන්ම පාහේ ගිනිගෙන විනාශ වී ඇති අතර ගින්න ඇති වීමට නිශ්චිත හේතුවක් අනාවරනය වී නොමැති වුවද වෑන් රථයේ ඇති වූ කාර්මික දෝෂයකින් විදුලිය කාන්දු වී ගින්න හටගන්නට ඇති බවට පරික්ෂණ සිදුකරන කන්කසන්තුරෙයි පොලීසිය සැකපල කරසිටියි.






