දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පසුගිය මාර්තු මස 05 වන දින උපත ලද අකීරු , ඩූමා සහ ලියෝ යන බෙංගාලි ව්යාඝ්ර පැටවුන් තිදෙනාගේ මව වූ කාගෙත් ජනාදරයට පත්ව සිටි "කෙල්ල" නම් ව්යාඝ්ර දේනුව දරුණු පිළිකා රෝගයකින් පෙරේදා (05දා) මියගොස් ඇතැයි සත්වෝද්‍යානය ප්‍රකාශයකු පැවසීය.
මෙම බෙංගාලි ව්යාඝ්ර ජෝඩුව 2008 වසර චීනයේ ෂැන්හයි ෂපාරී උද්‍යානයෙන් සත්ව හුවමාරු වැඩ සටහන් යටතේ දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත ගෙන එනු ලැබ ඇතතිබේ .
මෙම දේනුව පසුගිය දිනවල අසනීප ගතියෙන්. පෙලුන බැවින් පශූ වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් දරා දිවි රැක ගැනීමට වෙහෙසුනත් අපහසුවී එම දේනුව මෙලෙස හදිසියේම මිය ගොස් ඇත .
දෙහිවල එච් එම් ධර්මපාල
