ගල්කිරියාගම, හිඟුරුවැව ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් මිය ගිය දීග දන්තු 01 හස්තියාගේ දළ යුගළය සහ හිස කොටස සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබේ.
ඒ, අනුව එම සතවයාගේ හිස කඳෙන් වෙන්කර ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය වෙත රැගෙනයාමට වනජීවී නිලධාරීන් ඉකුත් දා (29) රාත්‍රියේ කටයුතු කරනු ලැබීය. සත්ත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දළ යුගළය සහිත හිස කොටස කඳෙන් වෙන් කර ගැනීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ.
ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය වෙත රැගෙන ගිය එම හිස කොටස ආරක්ෂිතව වළ දැමීමට කටයුතු කර තිබේ. හස්තියාගේ දළ යුගළය ආරක්ෂිතව ගලවා ඉවත් කිරීම සඳහා එම හිස කොටස ඉදිරියේ දී නැවත ගොඩගැනීමට නියමිත බවයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ.
මෙම සත්ත්වයාගේ මරණය විදුලි සැර වැදීමක් හේතුවෙන් හදවත අක්‍රිය වීම නිසා මෙම මරණය සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණය මඟින් තහවුරු වූ බවයි අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා සඳහන් කළේ.
මෙම ඇතා මිය යෑමේ සිද්ධියට අදාළව අත්අඩගුවට ගත් රක්ෂණ සමාගමක කළමණාකරුවකු මෙම මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරීමට ඉකතු් දා (29) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඔහුගේ නිවසේ තිබී විදුලි රැහැන් ඇතුලු ඉලේකට්රොනික් උපකරණ කිහිපයක් ද සොයාගෙන තිබේ.පලාගල ප්‍රදේශයේ මහා සංඝරත්නය වැඩම කර මෙම සත්ත්වයා වෙනුවෙන් පාංශ කූලය ලබා දීම ද ඉකුත් 29 වන දා දහවල් සිදු කෙරුණේ අනුරාධපුරයට මහ වැසි ඇද හැළෙන මොහොතක දීය.පැමි
මේ අතර දීග දන්තු 01 හස්තියාගේ ඉකුත් දා (29) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී උදරයේ තිබී රුපියල් 10 කාසියක් සොයාගැනීමට මරණ පරීක්ෂණය කළ නිලධාරීන්ට හැකිව තිබේ. මෙම සත්ත්වයාගේ මරණය විදුලි සැර වැදීමක් හේතුවෙන් සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණය මඟින් තහවුරු වූ බවයි අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා සඳහන් කළේ.
මේ අතර දීඝ දන්තු හස්තියා මිය ගිය බව දැනගත් මොහොතේ පටන් එම ස්ථානයට එම සත්ත්වයාගේ දේහය නැරඹීමට පැමිණි පිරිස මිථ්‍යා මත වල එල්බ සිටීම නිසා මියැදුණු දීඝගේ වල්ගයේ කෙඳි සියල්ලම ගලවාගෙන යාමට කටයුතු කර තිබිණි.මෙවැනි අකාරුණික කටයුතු කිරීමෙන් වළකින ලෙසට ද වනජීවි නිළධාරීහූ ජනතාවගෙන් ඉල්ලා සිටිති.