ජාතික කනිෂ්ඨ දැල්පන්දු තරගාවලියේ (අවු. 21න් පහළ) ශුරතාව දිනා ගැනීමට කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය.
ඔවුන් වෙතින් ලකුණු 32-19ක් ලෙස මහනුවර දිස්ත්‍රික් 'ඒ' කණ්ඩායම පරාජයට පත් විය. තරඟය නිමා වන විට අවසන් කාර්තු හතරේ ලකුණු තත්ත්වය දැක්වුණේ 8-4, 8-5, 9-2, 7-7ක් වශයෙනි.
මෙම තරගාවලිය කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී අද (02දා) නිමාවට පත්විය.
තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා පැවති තරගයෙන් කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම (කොළඹ නෙට්ෆයර්) ලකුණු 37-33ක් ලෙස පරදවා කළුතර දිස්ත්‍රික් කණ්ඩායම ජය ගත්තේය. එහි කාර්තු හතරේ අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ 9-9, 12-6, 6-9, 10-9ක් වශයෙනි.
දැල්පන්දු රැජින කිරුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරුණි නෙත්මාටද, තරගාවලියේ දක්ෂතම විදින්නිය කිරුළ එම දිස්ත්‍රික්කයේම උත්පලා සජිනි රත්නයකටද හිමි විය. මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෙත්මි ධනොෂි දක්ෂතම රකින්නිය ලෙසද, මහනුවර දිස්ත්‍රික්කයේ ෆයිසා ෆෙරෝස් දක්ෂතම මැදපෙළ ක්‍රීඩිකාව ලෙසද සම්මානයට පාත්‍ර විය.
ජය සංකේත ප්රදානය සඳහා ඩයලොග් ආසියාටා සමාගමේ අලෙවි සහ මාධ්‍ය සාමාන්‍යාධිකාරි හර්ෂ සමරනායක, ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ, දැල්පන්දු සංගමයේ සභාපතිනී වික්ටෝරියා ලක්ෂ්මි සහ ජාතික දැල්පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාස ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ඡායාරූප - ශමිර රාජපක්ෂ




