පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටෙන් තුනක් අඩි දෙක බැගින් ඊයේ (15) සවස සිට විවෘත කර ඇත.
ඊයේ දිනයේදී ජලාශය නැවතත් පිටාර මට්ටමට පැමිණි බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා පැවසීය.
දොරටු තුන විවෘත කිරීම හේතුවෙන් තත්පරයට ඝන අඩි 4200 ක ජල පරිමාවක් දැදුරුඔයට මුදාහැරේ.
මෙම තත්වයෙන් දැදුරුඔය පහළ ප්රදේශවලට කිසිදු ගංවතුර තත්ත්වයක් ඇති නොවන බවද වාරි ඉන්ජිනේරුවරයා කීය.
ඊයේ රාත්රියේ දැදුරුඔය ඉහල.ප්රදේශ වලට දැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් එම ජලය ජලාශයට එක්වීමත් සමග ඉදිරි පියවර ගන්නා බව වාරියපොල ප්රාදේශීය වාරි ඉන්ජිනේරු කාර්යාලය කියයි.


