තායිලන්තයේ අග්‍රාමාත්‍ය ප්රයත් චාන් ඕ චා මහතා ඇතුළු දූත පිරිස දින දෙකක ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (12දා) සවස තායිලන්ත ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
මෙම සංචාරය සඳහා එම අග්‍රාමාත්‍ය ආර්යාව මෙන්ම එරට 40 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද පැමිණ සිටියහ.
මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන සරත් ෆොන්සේකා, වජිර අබේවර්ධන, ෆයිසර් මුස්තාපා ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.
මෙම තායිලන්ත දූත පිරිස හෙට (13දා) මෙම සංචාරය නිමා කර ආපසු පිටත්ව යෑමට නියමිතය.
ටී.කේ.ජී. කපිල




