ලංකාවේ චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ වෙයි මහතා විසින් ශල්‍ය මුහුණු ආවරණ 50,000 ක් සමස්ත ලංකා ත්‍රි රෝද රථ රියදුන්ගේ සංගමයට පරිත්‍යාග කළේය.
එම සංගමයේ උප සභාපති එම්.ජේ.එම්. හමීඩ් මහතා වෙත මෙම පරිත්‍යාගය අද (29දා) සිදු කළේය. එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සහ චීන තානාපති කාර්යාලය එක්ව ප්‍රකාශයට පත් කරන ලද COVID-19 වැළැක්වීමේ පෝස්ටර් 35,000 ක් ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් එම සංගමයට ලබාදුන්නේය.
වැඩ බලන චීන තානාපතිවරයා මෙහිදී කියා සිටියේ ත්‍රිරෝද රථ සාමාන්‍ය ජනතාව සඳහා වඩාත් ජනප්‍රිය ප්‍රවාහන සේවාවක් වන අතර COVID-19 වලින් ත්‍රි රෝද රථ රියදුරන් ආරක්ෂා කරන ගැනීම යනු අපවම ආරක්ෂා කර ගැනීමක් බවයි.
මෙම රියදුරන් වෙත ලබා දී ඇති සියලුම මුහුණු ආවරණ හාසහ සෞඛ්‍ය මාර්ගෝපදේශ පෝස්ටර් නියෝජනය කරන්නේ චීන ජනතාවගේ අවංක මිත්‍රත්වය සහ සුභ පැතුම් බවත් ඔහු පැවැසීය.
ජුලි මාසය වන විට චීනය විසින් ශ්‍රී ලංකාවට පරීක්ෂණ කට්ටල 73,000 කට වැඩි ප්‍රමාණයක්, මුහුණු මිලියන 4 ක් සහ පුද්ගලික ආරක්ෂක උපකරණ 20,000 ක් ඇතුළු ද්‍රව්‍ය රාශියක් පරිත්‍යාග කර ඇති බවයි.
එසේම පාසැල් නැවත විවෘත කිරීම සඳහා දිවයින පුරා සිසුන්ට මුහුණු ආවරණ 189,000 ක් සහ එළඹෙන මහ මැතිවරණය සඳහා තවත් මුහුණු ආවරණ 100,000 ක් මැතිවරණ කොමිසමට ලබා දීමටද තානාපති කාර්යාලය කටයුතු කළේය.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් සහායට වෛද්‍ය අනිල් ජසිංහ චීනයට සිය කෘතඥතාව මෙහිදී ප්‍රකාශ කළේය.







