ත්‍රිකුණාමලය වරාෙයේ පිහිටි පැරණි ප්රදිපාගාර ද්විත්වය දශක තුනකට පසුව ප්‍රතිසංස්කරණය කර සුර්යබල පද්ධතියකින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ප්‍රදීපාගාර ලෙස පරිවර්තනය කළ බව ශ්‍රි ලංකා වරාය අධිකාරිය කියයි.
යුධ ගැටුම් හේතුවෙන් දශක තුනක් අක්‍රියව පැවැති සාම්පුර්, කෙවිලියාතුඩුව ප්රදිපාගාරය හා කොටි අණසක යටතේ පැවති අතර රවුන්ඩ් දුපතේ තිබු ප්‍රදීපාගාරය යුධ ගැටුම් හේතුවෙන් අතහැරදමා තිබුණි.
1863 වසරේ බ්‍රිතාන්‍ය නෞකාවන්ට මග පෙන්විම සඳහා යටත් විජිත සමයේ ඉදිකළ මෙම ප්රදිපාගාර ද්විත්වය එවකට ගෑස් පහන් යොදා ගනිමින් ආලෝකමත් කර තිබුණි.
වරාය පිවිසුමේ මධ්‍යයේ පිහිටි දූපතක් වන රවුන්ඩ් අයිලන්ඩ්හි ඇති ප්‍රදීපාගාරයේ උස අඩි 103ක්වන අතර සාම්පුර් , කෙවිලියා තුඩුවේ පිහිටි ප්‍රදීපාගාරයේ උස අඩි 104ක් වේ.
ත්‍රිකුණාමලය චමෝද්‍යා නේත්‍රාංජලි අමරජීව
01 අලුත්වැඩියා කටයුතු සිදු වු කෙවිලියාතුඩුව ප්‍රදීපාගාරය

02 අලුත්වැඩියා වලින් පසු කෙවිලියාතුඩුව ප්‍රදීපාගාරය

03 රවුන්ඩ් අයිල් ප්‍රදීපාගාරය.
