ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කොරෝනා වසංගත තත්වය මර්දනය කිරීම සදහා තවත් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද දින අලුයම තම ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය .
මෙම එන්නත් තොගය අද දින අලුයම 4.30 ට චීනයේ බෙයිජිං සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .
ඉන්පසුව මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ ආනයනය ගුවන් භාණ්ඩ අංශයේ ශීතකරණ තුළ තැන්පත් කර තැබූ අතර , මේ වනවිට ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ , ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් , ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබේ .

