විජය පුවත්පත් සමාගම සංවිධානය කරන ලංකාදීප පොසොන් ආලෝක පූජාව 21 වැනි වරටත් මෙවර , ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේදී පොසොන් පොහොය යෙදුන ඊයේ (21දා ) ආරම්භ කෙරිණි.
උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක , මහවිලච්චිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති , තන්තිරිමලේ රාජමහා විහාරාධිපති , පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ , විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා ආලෝක පූජාව විවෘත කලහ.
මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, රුවන් විජයවර්ධන, ජනාධිපති උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍යවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, පී හැරිසන්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් එක් වූහ.
ඉන් අනතුරුව දහම් පාසල් සිසුන් ඉදිරිපත් කරන බැති ගී සංදර්ශනය සහ එය අවසානයේදී එම සිසුන්ට වටිනා ත්‍යාග සහ සහතික පත් ලබා දීම මෙහිදී සිදු කෙරිණි.
තන්තිරිමලේ ආලෝක පූජාව අද (22) සහ හෙට 23 යන දිනවලදී ද පැවැත්වේ.
ඡායාරූප ළහිරු හර්ෂණ


