දින 10 ක් පුරා ආණමඩුව කුරුණෑගල මාර්ගයේ ඉන්ධන හලට ඩිසල් ලබා නොදිමට විරෝධය දක්වා වාහන හිමිකරුවන් පිරිසක් අද (10දා) උදෑසන සිට මාර්ගය වාහන යොදා හරස් කිරීමේන් ගමනා ගමනය එම ස්ථානයෙන් සම්පුර්ණයෙන් නැවතී ඇති බව ආණමඩුව පොලීසිය කියයි.
විරෝධතාවයෙ නිරත වුවන් පවසන්නේ ආණමඩුව කුරුණෑගල මාර්ගයේ ඉන්ධන හලට ඩිසල් ලබා දීමට ඛනිජ තෙල් සංස්ථාව මග හැර ඇති බවයි.
ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් තම වාහන වලට ඩීසල් සොයා ගැනිමට වෙනත් ඉන්ධන හල්වෙත ගොස් දින පහ,හය නිදි මරමින් කටයුතු කිරීමට සිදුව ඇති තත්වයක් උදා වි ඇති බවය.
මෙම ඉන්ධන හලෙන් ඩීසල් ලබා ගැනිමට පැමිණි වාහන හිමිකරුවන් එහි කළමණාකාරිත්වයෙන් කළ විමසීමේදි පවසා ඇත්තේ ඩීසල් සඳහා මේ වන විට මුදල් ගෙවා ඇතත් ඩීසල් ලබා නොදුන් බවයි.
පොලීසිය මෙම පිරිස සමග සාකච්ජා කරමින් මාර්ගයෙන් ඉවත් කර ගැනිමට උත්සහ ගත්තද එය සාර්ථක නොවීම නිසා විකල්ප මාර්ග වලින් වාහන ගමන් කරවීමට සලස්වන ආකාරය දැක ගත හැකි විනි.



