ADA
www.ada.lk
2025 මාර්තු මස 26 වන බදාදා
ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙමින් මහ ට්‍රැක්ටර් සීයක් එකවර තම ශරීරය මත ගමන් කරමින් වාර්තාවක් පිහිටුවීමට පොළොන්නරුව දිඹුලාගල කජුවත්ත ගම්මානයේ, මනම්පිටිය මහවැලි ගගෙන් කුලියට වැලිගොඩ දමා ජීවත්වන තිදරු පියකු වන 36 වියැති ඩබ්ලිව්.ජී. පුෂ්පකුමාර සමරකෝන් තරුණයා සමත් විය. පොළොන්නරුව අරලගංවිල පොල භූමියේ 31 වෙනිදා වාර්තාව පිහිටවු ඔහු විනාඩි තිස් අටයි,තත්පර හතලිස් හයක් තුල මහ ට්‍රැක්ටර් සීයක් තම ශරීරය මත ගමන් කරවමින් මෙම වාර්තාව පිහිටුවීමට සමත් වූ බව සෙරන්ඩිබ් ලෝක වාර්තා ආයතනයේ ප්‍රධාන විනිසුරු සනත් බණ්ඩාර මහතා නිල වශයෙන් ප්‍රකාශ කළේය.
විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙ වාර්තාව පිහිටවූ ඩබ්ලිව්. ජී පුෂ්පකුමාර සමරකෝන් තමන් සතුව තිබූ යතුරු පැදිය පවා උකස්කර, බසයෙන් ගොස් මනම්පිටිය මහවැලි ගගේ කුලියට වැලි වැලිගොඩ දමා ජීවත් වූ තරුණයෙකි.
කිසියම් පුද්ගලයකු මෙම වාර්තාව කඩන්නේනම් එම වාර්තාව කැඩීමට ගන්නා ට්‍රැක්ටර් ප්‍රමාණය දෙගුණ කරමින් තමන්ගේ ශරීරය මත ධාවනය කරමින් එම ලෝක වාර්තාවද කැඩීමට තමා ඉදිරිපත් වන බව සමරකෝන් මහතා කීවේය'
මනම්පිටිය නිමල් ජයරත්න
popular news
උඩමළුව පොලිසියේ නියෝජ්‍ය ස්ථානාධි සර්පයෙකුට බිලි
තරු පහේ හෝටලයකදී අල්ලස් ගත් තිදෙනෙක් අත්අඩංගුවට
දෙවිනුවර ද්විත්ව ඝාතනයට හේතු හෙළිවෙයි
බෙල්ලන්විල පන්සලේ පොල් දන්සල
පියුමි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සමග සබදතා පවත්වලාලු
සමනල වැවේ කයාක් සංචාරක බෝටිටු සේවයක් අරඹයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd